ගුරු දිනයේදි අපි කරපු අලුත්ම වැඩ


2012 ගුරු දිනය ගැන කතා කරනවා නම් ඉතින් කියන්න ඕන තරම් දේවල් තියෙනවා. අපේ සහෝදර සහෝදරියෝ එකතු වෙලා ගොඩාක් ලොකු වැඩක් කලා. හැමෝටම මතක ඇති නේ අපි මුදල් හොයන්න කරපු ව්‍යපෘතිය.  ඇත්තටම අපේ ඒ අදහස හිතුව වගේම ගොඩක් සාර්ථක වුනා. ඒ නිසා අපිට Car wash, Stickers, Souvenirs  වගේ වැඩ කරන්න ඕන වුනේ නෑ. අපේ අදහස් ක්‍රියාත්මක කරන්න ඒ මුදල් ප්‍රමාණවත් වුනා. ඊට පස්සෙ තමා අපි පටන් ගත්තේ මේ පාර ගුරු දිනය ටිකක් වෙනස් විදිහට තියන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ගුරු දිනය දවසට ශ්‍රවණාගාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දි පාසලෙන් කොටසක් ක්‍රිඩාන්ගනේ හෝ පන්ති කාමරයේ ඉතින් අපි හිතුවා, ටිකක් වෙනස් විදිහේ වැඩක් කරන්න, පාසල අවසානයෙ හවස අපේ සහෝදර සහෝදරියෝ කතා වුනා කොහොමද වෙනස් විදිහෙ ගුරු දිනයක් කරන්නේ කියලා, ඉතින් අපෙ අය ගොඩාක් වෙනස් ( අමුතු ) යෝජනා ගොඩාක් ඉදිරිපත් කලා. ඒවාගෙන් හැමෝම කැමති වුන යෝජනා 2 තමා ක්‍රියාත්මක උනේ.
ඒවා තමයි ශ්‍රවණාගාරයේ වැඩසටහනට අමතරව ප්‍රධාන මිදුලේ පැවත්වෙන ගුරුවරු සහභාගී වන තරගය හා ඉන් පසු පැවැත්වෙන සංග්‍රහය. ඊට පස්සේ තමා අමාරුම වැඩේ.. මේක කොහොමද කරන්නෙ කියන එක. ශ්‍රවණාගාරයේ වැඩසටහනට සුදනම් වෙන ගමන් අපි අනික් වැඩසටහනත් සැලසුම් කලා, ඒ අනුව තමා තීරණය වුනේ අපි Teachers ලාට එළවලු වලින් කැමති නිර්මාණයක් කරන්න දෙමු කියලා තරගයක් විදිහට, අපිට ඒ තරගේ විතරක් මදි වුන නිස අපි හිතුවා puzzle එකක් හදන්න තරගයකුත් දැම්ම නම් හොදයි කියලා. ඊට පස්සේ ඕන වුනා එකට හොද රූපයක් මේක ගුරු දිනය නිසා අපි ගුරු දිනයට සුභ පැතුමක් තියෙන රූපයක් තෝරා ගත්තා.. අපි මේ භාර දූර වැඩේ ලස්සනට කලෙ කොහොමද කියලා ඊළගට බලමු..