ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාවගේ පණිවිඩය



                                               
සිසුන් 5000 ක් සහ ශිෂ්‍ය නායක නායිකාවන් 100 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් ඌවේ අභිමානවත් වූ බණ්ඩාරවෙල මැදි මහා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමට ලැබීම ඉමහත් භාග්‍යක් සේම, මා හට ජීවිතේ පැවරුණු විශිෂ්ඨතම වගකීමක් කොට සිතමි.

විද්‍යාලයේ ගුරු දෙමාපිය ආශීර්වාදය හා දිරිගැන්වීම ද මා ආදරණීය සහෝදර ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ එකමුතුකම හා ධෛර්යය සමගින් ද, මා ආදරණීය විදුහල් මෑණියන්ගේ කිතුගොස සිරිලක් දෙරණ තුල පමණක් නොව මුළු ලොව පුරාම පැතිරවීමට මා හට හැකි පමණින් දායක වීම මගේ බලාපොරොත්තුවයි.

විදුහලේ සහෝරද සිසු සිසුවියන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන් විනයෙන් සම්පූර්ණ හා හැකියාවන්ගෙන් සපිරුණු පුරවැසියන් ලෙස සමාජයට දයද කිරීමට මා හට හැකි උපරිමයෙන් මාගේ කණ්ඩායම හැසිරවීම මාගේ බලාපොරොත්තුවයි.

දිලීප් තමීර රද්දැල්ල
ප්‍රධාන ශිෂ්‍ය නාය





බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය දරු දැරියන් අතරින් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් තේරී පත්වීම මා ජීවිතේ ලද වටිනාම අවස්ථාවක් ලෙස සලකමි.

රටට ආදර්ශවත් පාසලක්‌, ජාතියට විශිෂ්ඨ පරපුරක් යන උදාරතර තේමාව පෙරදැරි කරගනිමින් ගුණ නැණ බෙලෙන් යුතු පරපුරක්, ජාතියට දායාද කිරීමට අප විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරයි.

ඒ සමගම නිතැතින්ම අත්වැල් බැඳගනිමින් කටයුතු කිරීමට ශිෂ්‍ය නායක මණ්ඩලය වශයෙන් මහත් වගකීමක් අපහට ප්වරී ඇත.

පොදු යහපත් අරමුණක් පෙරදැරි කරගනිමින්, අනොන්යයන් පිලිබඳ නිරතුරුවම සිත බලමින්, නිවැරදි මඟ පෙන්වන්නෙකු ලෙස හා ආදර්ශමත් ලෙස තම අනුගාමිකයන් සමග සාර්ථකව අභියෝග ඇලට මිහින දෙමින් ජයමංග කර ගමන කිරීම මාගේ බලාපොරොත්තුවයි.

නෙලුමිනි හසන්තිකා 
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව

8 comments:

  1. 2012-2013 ප්‍රධාන ශිෂ්‍ය නායකයා හ නායිකාව වන ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්!!!

    ReplyDelete
  2. තමීර මලයට විතරක් සුබ පැතුම්..
    මේ නංගිව මම දන්නෑ..

    ReplyDelete
  3. මගෙනුත් උණුසුම් සුභ පැතුම් දෙන්නටම හරිය.................

    ReplyDelete
  4. Congrats!!! to both of you

    ReplyDelete
  5. hmmm..mallila nangila tika godak diyunu welaa..suba pathu thameera,nethmi nangi and anik ewun okkotama..

    ReplyDelete